April 18, 2026

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී ඊයේ (17) පස්වරුවේ සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු මිය ගොස් තිබේ.

මියගිය පුද්ගලයා ජනකගම, මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

අරලගංවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.