April 18, 2026

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති චමල් සංජීව විසින් ඊයේ (17) මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

2024 සහ 2025 වසර සඳහා අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා ඉදිරිපත් කරන ලද වත්කම් ප්‍රකාශනයට අදාළව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එය මෑතකදී සමාජ මාධ්‍යවලද අවධානයට ලක්ව තිබිණි.

රුපියල් කෝටි 6.7කට වඩා වටිනා නිශ්චල වත්කම්වල හිමිකාරිත්වය පෙන්නුම් කරන අදාළ ප්‍රකාශය සහ මූල්‍ය දුෂ්කරතා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් මීට පෙර කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශ අතර විෂමතා ඇති බවට පැමිණිලිකරු චෝදනා කර තිබේ.

මහජනතාව තුළ මතු වූ ගැටළු උපුටා දක්වමින් ඔහු මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.