April 17, 2026

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.

ගල් අඟුරු ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂය ඇමැතිවරයාට දිගින් දිගටම චෝදනා කරන පසුබිමක මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.

මේ අතර ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කර තිබිණි.

ඒ අනුව අදාළ කොමිසමේ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතීව සිදු කිරීමට සහාය වෙමින් මෙලෙස ඔවුන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.