
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය මාර්තු මාසයේ අපනයන කෙරෙහි බටහිර ආසියානු ගැටුම්වලින් එල්ල වූ දැඩි බලපෑම මධ්‍යයේ වුවද, ඉන්දියාව පසුගිය මූල්‍ය වර්ෂය අවසන් කළේ ඩොලර් බිලියන 441.8 ක වාර්තාගත භාණ්ඩ අපනයනයක් ද සමඟිනි.
එය පෙර වසරට වඩා 1% ක වර්ධනයකි.
රන් සහ රිදී නැව්ගත කිරීම් ඉහළ යාම හේතුවෙන් ආනයන වියදම 7.5% කින් ඩොලර් බිලියන 775 දක්වා ඉහළ ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟය ඩොලර් බිලියන 333 දක්වා පුළුල් විය.
මාර්තු මාසයේ අපනයන 7.6% කින් ඩොලර් බිලියන 38.9 දක්වා පහත නොවැටුණේ නම් මෙම සමස්ත අගය මීට වඩා ඉහළ යාමට ඉඩ තිබුණු බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ආනයන 6.4% කින් ඩොලර් බිලියන 59.6 දක්වා පහත වැටීම නිසා වෙළඳ හිඟය මාස නවයක අවම අගය වන ඩොලර් බිලියන 20.7 දක්වා අඩු විය.
සේවා අංශය ද ඇතුළුව සමස්ත අපනයන 4% කින් ඩොලර් බිලියන 860.1 ක වාර්තාගත අගයක් දක්වා ඉහළ ගිය අතර, ආනයන 6.4% කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 920 කට ආසන්න විය.
“භාරතය නව අපනයන වාර්තාවක් තබයි! 2025-26 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ඩොලර් බිලියන 860 ක වාර්තාගත අපනයනයක් ලබා ගැනීම මහත් ආඩම්බරයට කරුණක්,” යැයි වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පැවසීය.
ගෝලීය වශයෙන් පවතින විවිධ බාධක මධ්‍යයේ වුවද ලබාගත් මෙම ජයග්රහණයෙන් රටේ ඔරොත්තු දීමේ හැකියාව සහ ගෝලීය වෙළඳ ක්ෂේත්රය තුළ ඉන්දියාවේ වර්ධනය වන ශක්තිය පිළිඹිබු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart