
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අම්පාර, 16 වංගුව ප්‍රදේශයේ නීතිවිරෝධී සූදු පිටියක් සහ මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය බක්කිඇල්ල පොලිස් නිලධාරීන්ට පසුගිය 14 වැනිදා කළ පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, 119 තොරතුරු මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර තිබිණි.
පොලිස් නිලධාරීන් පැමිණෙන විට, පුද්ගලයන් කිහිප දෙනෙකු පලා ගිය අතර, තවත් පිරිසක් පොලිසියට ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීමට බාධා කර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා බක්කිඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා කණ්ඩායමක් සමඟ එම ස්ථානයට ගොස් තිබිණි.
ගැටුම අතරතුර, පොලිස් සැරයන්වරයකු තුවාල ලබා දැනට අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රජගලතැන්න පදිංචි වයස අවුරුදු 24ත් 52ත් අතර සැකකරුවන් සිව් දෙනෙකි.
සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් දස දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අඛණ්ඩව සිදුවේ.
මේ අතර, වැටලීමට සම්බන්ධ නිලධාරීන් බීමතින් සිටි බවට ද චෝදනා මතු විය.
කෙසේවෙතත්, සහභාගී වූ සියලුම නිලධාරීන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ බවත්, ඒ වන විට කිසිවකු මත්පැන් පානය කර නොමැති බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වූ බවත් පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් බක්කිඇල්ල පොලිස් ස්ථානය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart