April 16, 2026

ඉන්දුනීසියානු නාවික හමුදාවේ පුහුණු රුවල් නෞකාවක් වන KRI Bima Suci – 945 ඊය් (15) ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කර තිබිණි.

ASEAN Plus Cadet Sail (APCS) – 2026 වැඩසටහන යටතේ මෙම සංචාරය සිදු කෙරෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

විදේශ රටවල් 26ක කැඩෙට් නිලධාරීන් සමඟ ඉන්දුනීසියානු නාවික කැඩෙට් නිලධාරීන් ද ඊට සහභාගී වීමට නියමිතය.

කොළඹ වරායේ දී නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකාව උත්සවාකාරයෙන් පිළිගනු ලැබීය.

KRI Bima Suci – 945 රුවල් නෞකාවේ අණදෙන නිලධාරියා වන්නේ කමාන්ඩර් සුගෙන් හරියන්ටෝය.

එම නෞකාව මෙරට රැඳී සිටින කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදා පුහුණුවන්නන් සහ නාවික නිලධාරීන් නිරීක්ෂණ කටයුතු සඳහා නෞකාව නැරඹීමට නියමිතය.

මීට අමතරව, නාවික හමුදා දෙක අතර සුහදතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැඩසටහන් කිහිපයක් පැවැත්වෙන අතර, සංචාරක කාර්ය මණ්ඩලය රට පුරා වැදගත් ස්ථාන ගණනාවක සංචාරය කිරීමට ද අපේක්ෂා සැලසුම් කර ඇත.