April 16, 2026

ඇහැළියගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් පාලනයෙන් ගිලිහී වාහන පෙළක ගැටීමෙන් රිය අනතුරක් වාර්තා වී තිබේ.

ඊයේ (15) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

පළමු ගැටුමෙන් පසු යතුරුපැදියක්, ත්‍රිරෝද රථ තුනක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී තිබේ.

ඒ අනුව, අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර තිබිණි.