April 16, 2026

පරිගණක මූල්‍ය අපරාධ (Cyber Crimes) සිදුකිරීම සදහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනකු, රුපියල් දෙදෙකෝටි හතලිස් ලක්ෂ විසිදහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ඔස්සේ පිටකර ගෙන යමින් සිටිය දී, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සිය සිරුරෙහි සහ ඇදුම් තුළ සෙලෝටේප් යොදා, භාවිත කළ ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් සහ වයිෆයි රවුටර් 06 ක් සගවා ගෙන පැමිණ ඇත.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වේ.