
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුකරන ලද වංචා හා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කරන බව ආණ්ඩුව නිවේදනය කිරීමත් සමඟ සමගි ජන බලවේගය සමස්ත අධිකරණ පද්ධතියටම ප්‍රහාරයක් එල්ල කර ඇත.
සමගි ජන බලවේගයේ සාමාජික ආනන්ද පාලිත ජනමාධ්‍ය හමුවක් පවත්වමින් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, අධිකරණ විනිසුරුවරුන් “හොරාගේ අම්මා” යනුවෙන් හඳුන්වාදෙමිනි.
නීති විශාරදයින් පෙන්වා දී තිබෙන්නේ, ජනාධිපති කොමිසමක සාමාජිකයින් පත්කර නොමැති තත්වයක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණය යන ඉහළම අධිකරණවල විනිසුරුවරුන් හට පොදුවේ මෙහිදී අපහාස කර ඇති බවයි.
මෙම අධිකරණවල සේවයේ යෙදී සිටින විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් නුදුරේම පත්කිරීමට සූදානම් වී සිටිය දී, දැඩි ලෙස කලබල වූ සමගි ජන බලවේගය, පිහිටුවීමට නියමිත කොමිසමකට එරෙහිව මෙලස අපහාසාත්මක ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නීති විශාරදයෝ පෙන්වාදෙති.
ආනන්ද පාලිත මෙහිදී ප්‍රකාශ කර තිබෙන්නේ, මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුකරන ලද වංචා හා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීම “හොරාගේ අම්මාගෙන් පේන අහනවා” වැනි කටයුත්තක් බවයි.
මෙහිදී, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හොරා ලෙස නම් කරමින් අදාළ ඉහළම අධිකරණ තුනෙහි විනිසුරුවරුන් හොරාගේ අම්මා ලෙස නම් කර ඇති බවට නීති ප්‍රවීණයෝ පෙන්වාදෙති.
මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව මෙන් ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ ආයතන ක්‍රියා කරන ආකාරය පිළිබඳව ද නිරීක්ෂකයින්ගේ අවධානය යොමු වී තිබේ.
(උපුටාගැනීම – Lanka Truth)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart