April 15, 2026

වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ සහ කොග්ගල රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් 240ක පිරිසක් අඟහරුවාදා (14) විශේෂ ගුවන් යානයකින් දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලංකාව ආසන්නයේදී ඇමරිකානු සබ්මැරීනයක් මගින් ගිල්වන ලද ඉරාන නාවික හමුදාවේ IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 32 දෙනකු සහ ශ්‍රී ලංකාවේ නවාතැන් ගෙන සිටි IRIS Bushehr හි කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙලෙස මෙරටින් පිටව ගිය බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර ප්‍රකාශ කර තිබේ.

මෙම පිරිස රැගත් තුර්කි විශේෂ ගුවන් යානය අද (14) සවස ඉරානය බලා පිටත් වූ බව ඔහු පැවසීය.