
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“මගේ ජීවිතය මගේ පණිවිඩයයි”
(My life is My message)
තෝල්ස්තෝයිගේ සොහොන දැක්කම මට එහෙම හිතුණා.
රුසියානු සංචාරය ඇතුළත ලැබුණු කෙටි විවේකය තුළ රුසියානු ශ්‍රේෂ්ඨ ගත්කරු ලියො තෝල්ස්තෝයිගෙ සුප්‍රසිද්ධ “දීප්තිමත් තණ බිම” Yasnaya Polyana බලන්න ගියා.
අද එය රුසියානු කෞතුකාගාරයක්. එහි තෝල්ස්තෝයිගෙ නිවසත්, වතු යායත් සංරක්ෂණය කර ජනතාවට මේ ගත් කතුවරයා ජීවත් වූ, ලේඛනය කළ වට පිටාව හොඳින් තේරුම් ගත හැකි කෞතුකාගාරයක් ගොඩනඟා තිබෙනවා.
යස්නායා පොල්යානා අයිති රුසියාවේ ටූලා ප්‍රදේශයට. ටූලා කියලා කියන්නේ වැඩවසම් රුසියාවේ මහා පීටර් රජුගේ කාලේ ඉඳලම රුසියාවේ ගිනි අවිනිෂ්පාදනයේ අගනුවර.
මේ දවස්වල මොස්කව්වල හිම දිය දියවෙලා තිබුණත් ටූලා වලට යන මග දෙපසත්, ඒ වගේම යස්නායා පොල්යානාවලත් තවම විශාල වශයෙන් හිම තිබෙනවා.
ටෝස්ටෝයිට හිමිව තිබුණු වතුයායේ ඈත ඔහුට අනේක විද මූලාශ්‍ර සපයපු සොබාදහම සහ ගැමි ගොවි ජීවිතයක් ගෙවූ ජනතාවගේ බිම් අදත් දකින්න පුළුවන්. අදත් ඒ ප්‍රදේශය අතිශය නිස්කලංක, මිනිසුන්ගේ ආධිපත්‍යයට වඩා සොබා දහමෙ ආධිපත්‍යය වැඩි සුන්දර ප්‍රදේශයක්.
අපිත් එක්ක ගමනට රුසියානු භාෂාව හා සාහිත්‍ය ගැන හොඳ අවබෝධයක් තිබුණු රුසියානු ජාතිකයකුත් සම්බන්ධ වෙලා තිබුණු නිසා තෝල්ස්තෝයිගේ සාහිත්‍යය, රුසියානු නම් හැදුනු විදිය, පුෂ්කින්, ලෙමන්තෙව් වගේ සාහිත්‍යදරයන් වගේම භාෂා විශේෂඥයන් රුසියානු භාෂාව පෝෂණය කරපු විදිහ ගැනත් යස්නායා පොල්යානා වල ඇවිදින ගමන්ම හොඳ සංවාදයක් කරන්න හම්බවුණා.
රුසියානු ප්‍රභූ පැලැන්තිය ඒ තරම් විශිෂ්ට රුසියානු භාෂාවක් තියෙද්දී, ප්‍රංශ භාෂාවෙන් කතා කරන්න බලපාපු හේතුවත්, නැපෝලියන් රුසියාව ආක්‍රමණය කරාට පස්සේ ඒවා වෙනස් වෙච්ච විදිහත් අපි කතා කළා.
තෝල්ස්තෝයිටත් ඒ යුගයේ හැම ප්රභූවරයෙකුටම වගේ මොස්කව් වලත් නිවසක් තිබුණා. ඔහුගේ පොත්වල එන සාර් රුසියාවේ රදල සමාජයේ ඇත්ත පැතිකඩ ගැන ඔහු ලියන්නේ ඒ මොස්කව්වල ප්‍රභූ පැලැන්තිය ආශ්‍රය කිරීමත් එක්ක ලැබෙන අත්දැකීම් මත.
ඔහුගේ පොතක තිබෙනවා දූලා කියනවා “බාල් පටන්ගන්න කාලෙ හරි, ඒ නිසා ඊට කලින් අලුත් ඇඳුම් මස්සවගන්න යන්ඩ ඕනේ” කියලා.
ඔවුන්ගේ සමාජ ජීවිතය වැඩිපුර තිබුණේ මොස්කව්වල.තෝල්ස්තෝයිගේ පොත් වල ටූලා වල රුසියානු ගැමි ගොවි ජනතාවගේ ජීවිතයත්, මොස්කව්වල රදළයන්ගේ අධි සුඛෝපභෝගී ජීවිතයත් අතර පරතරය සහ ගැටුම අඛණ්ඩ ගඟක් වගේ ගලනවා.
ඔහු රදල සමාජයේ අගතිගාමී සහ නිෂ්ප්රයෝජන හැසිරීම් වලින් කම්පා වෙනවා. ඔහු එය සාහිත්‍යමය හා සමාජමය දෘෂ්ටියකින් විවේචනය කරනවා. එය හෙළිදරව් කරනවා. එය ලෝකයට පෙන්වා දෙනව. යුද්ධවලින් සහ වැඩවසම්පීඩනයෙන් හෙම්බත්වුණු රුසියාවට ලෙනින්ට කලින් තෝල්ස්තෝයි මග පෙන්වන්නෙක් හා පරමාදර්ශයක් වෙනවා. ඔහු වටා ජනතාව ඒකරාශී වෙනවා.
නමුත් ජනතාව සංවිධානය කරමින් ජනතාවගේ විමුක්තියේ නායකයා, ජනතාවම බව තේරුම් ගැනීමට ඔහු අසමත් වෙනවා.
ඒ වුණත් අවසානයේ ඔහුගේ පරමාර්ථ, පරමාදර්ශයන්, ජීවන දහම කිසිදු අයුරකින් පරදුවට තබන්නේ හෝ පාවා දෙන්නේ හෝ නොමැතිව ඔහුගේ කාමර තිස් දෙකක මන්දිරයෙන් ඔහු නික්ම යනවා.
යස්යානා පොල්යානාවල තෝල්ස්තෝයිගේ නිවසේ ඉඳලා මීටර් අටසියයක් විතර ඈතට හිම කැලය මැදින් ඇවිදගෙන ගියාම “තමන්ගේ ජීවිතය තමන්ගේ පණිවිඩය” කරගත්තු ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්ගේ සොහොන හම්බවෙනවා. තෝල්ස්තෝයිව කියවල තිබෙන, ඔහුගේ සාහිත්‍ය කෘති වගේම කලාව පිළිබඳව ඔහුගේ න්‍යයාත්මක පොතපත තරමක් හා විශේෂයෙන් ඔහුගේ බිරිඳ ලියනලද “මහා පුරුෂයෙකුට බිරිඳක්ව” වැනි පොතපත කියවපු කෙනෙක්ට,
ඒ දීප්තිමත් තණ බිම මත ගස්වල කුඩා අතු කැබලි වලින් සකස් කර ඇති අඩි දෙකහමාරක් විතර උස සොහොන ඊජිප්තු පිරමීඩයකට වඩා උස්ව පේනවා. ඊට වඩා බරට දැනෙනවා.
(අමාත්‍ය බිමල් රත්නායක රුසියානු සංචාරය අතරතුර සිය අත්දැකීමක් බෙදාගත් ආකාරය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart