April 13, 2026

හන්තාන කඳු පන්තියේ ‘කටුසු කොන්ද’ (Katusu Konda) තරණය කිරීමට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකු සොයා ශ්‍රී ලංකා යුද හමුදාව දියත් කළ විශේෂ මෙහෙයුමක් සාර්ථක වෙමින්, අදාළ පුද්ගලයා අද (13) පෙරවරුවේ නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි වී තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 111 වැනි පාබල බලසේනාවට අයත් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙම මෙහෙයුම සඳහා එක්ව තිබේ.

මහනුවර පොලිසිය වෙතින් ලද තොරතුරකට අනුව ඊයේ (අප්‍රේල් 12) පස්වරු 06:40ට පමණ මෙම දුෂ්කර ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර ඇත.

දැඩි අන්ධකාරය හා මීදුම් සහිත පරිසරය මධ්‍යයේ රාත්‍රී කාලය පුරාම සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකර තිබේ.

ඒ අනුව, අද (13) පෙරවරු 07:45 ට පමණ අතුරුදන්ව සිටි පුද්ගලයා නිරුපද්‍රිතව සොයාගැනීමට යුද හමුදා භට පිරිස් සමත්ව ඇත.