April 13, 2026

නීතිවිරෝධී මත්පැන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ 53 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (අප්‍රේල් 12) මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටළීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙහෙයුම අතරතුර, සැකකාරිය සතුව තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 67.5 ක්, බෝතල් 90ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය මීගමුවේ පදිංචිකාරියකි.

වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.