April 13, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ඇතුළු සමගි ජන බලවේගයේ සාමාජිකයන් කිහිපදෙනකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනුකර තිබේ.

ගල්අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලියේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ජනාධිපතිවරයාට සමීප පුද්ගලයකුට ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් ටෙන්ඩර් ක්‍රියාවලියට බලපෑම් කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන හඬ පටයක් මත පදනම්ව මෙම චෝදනාව ගොනුකර ඇති බව සජබ සාමාජිකයෝ පවසති.