
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නාගර් කෝවිල් වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 10 වැනි දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එමින් සිටි පුද්ගලයින් හයදෙනකු (06) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් නවසිය තිස් නවයක් (939), ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම වෙත්තලකේණි ආයතනය මඟින්, යාපනය නගර් කෝවිල් වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී, නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් නවසිය තිස් නවයක් (939), ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ කිමිදුම් උපකරණ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 37 ත් අතර වයසේ පසුවන මන්නාරම හා යාපනය වැල්වැටිතුරයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත.
එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart