April 12, 2026

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ කුප්‍රකට සාමාජිකයන් හත් දෙනෙකු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් වැලිසර නාවික හමුදා කඳවුරේ අලුතින් පිහිටුවන ලද බන්ධනාගාරයට මාරු කර යවා තිබේ.

ඊයේ (11) මෙම මාරු කිරීම සිදු වූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් () අරුණ ජයසේකර මහතා පැවසීය.

මෙම රැඳවියන් අතර ‘වෙලේ සුදා’, ‘දෙමටගොඩ චමින්ද’, ‘ලොකු පැටී’, ‘මිදිගම රුවන්’, ‘බැකෝ සමන්’, ‘ආමි සම්පත්’ සහ ‘මන්න රමේෂ්’ යන කුප්‍රකට පාතාල චරිත සිටී.

බූස්ස බන්ධනාගාරයේ ඇතැම් රැඳවියන් එම බන්ධනාගාරය තුළ සිට අපරාධ ක්‍රියාකාරකම් අඛණ්ඩව කරගෙන යන බවට චෝදනා එල්ල වී ඇති බවට මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් විය යුතු බවට බුද්ධි අංශ වාර්තා ලැබීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ නව බන්ධනාගාරය වැඩි දියුණු කළ ආරක්ෂක විධිවිධාන සහිතව ඉදිකර ඇත.

මෙම සංවිධානාත්මක අපරාධකරුවන් එම බන්ධනාගාරයේ පළමු රැඳවියන් ලෙස රඳවා තබා ගැනීමට පියවර ගෙන තිබේ.