
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරුගේ උපදෙස් පරිදි අප්‍රේල්10 වැනි දින පනාගම්මන බීට්ටු කාර්යාලයේ විදුලි වැට ආසන්නයේ සිදුකරන ලද වැටළීමකදී රක්ෂිතයට ඇතුළුවීමට පැමිණි පුද්ගලයකු අත්තඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා සතුව තිබූ මෙරට නිෂ්පාදිත බෙහෙත් තුවක්කුවක්, ඊයං බරු 07ක්, අහස්කූරු 11ක්, ගිනිපෙට්ටි 12ක්, විදුලි පංදමක්, කහපාට ඉටිකොළ රෝලක්, චැලි වර්ගයේ යතුරුපැදියක් සහ යූරියා පොහොර කිලෝ 2ක් පමණ අත්තඩංගුවට ගෙන ඇත.
මෙම අත්තඩංගුවට ගත් පුද්ගලයා 2025 වර්ෂයේ අවස්ථා දෙකකදීද දඩමස් සමග අත්තඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මොහු ප්‍රකාශ කර ඇත්තේ, යාල ජාතික උද්‍යානයේ සතුන් දඩයමේ යෑමට පැමිණි බවයි.
තවත් විශේෂිත කරුණ වන්නෙ මොහු යූරියා පොහොර ගෙන මෙම ග්‍රීස්ම කාලයේ කෘත්‍රිම වතුර වලවල් සාදා, ඒවායේ වතුර බීමට පැමිණෙන සතුන්ට යූරියා පොහොර දමා සතුන් මැරීමට සූදනම් වී සිටීමයි.
සැකකරු ඊයේ (11) තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart