April 11, 2026

මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම සංචාරයේදී විශේෂයෙන් ධීවර අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙනු ඇත.

සංචාරය සඳහා සූදානම් වීම සහ නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස්වරයා අතර පසුගියදාක පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමුවක් පැවැත්විණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයට අනුව, ඉදිරි සංචාරයට සමගාමීව ධීවර කර්මාන්තයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම පුළුල් සාකච්ඡාවල එහිදී නිරතව තිබේ.