
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙරට කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව සංවිධානය කළ විශේෂ වැඩසටහන් මාලාවකට දිවයින පුරා විසිරී සිටින ව්‍යවසායිකාවන් 1,500කට අධික පිරිසක් සහභාගී වූහ.
“ඇය සවිබල ගන්වමින් එක්ව ඉදිරියට” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන හරහා කාන්තා ව්‍යවසායකත්වය සහිත ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා සංසද 20කට අධික සංඛ්‍යාවක් පවත්වා ඇත. එහිදී මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය කළමනාකරණය, ඩිජිටල් කුසලතා, සයිබර් ආරක්ෂාව මෙන්ම කාන්තා සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා දීමට පියවර ගෙන තිබේ.
මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන සැසිය කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ව්‍යවසායිකාවන් 200ක පමණ පිරිසක් සහභාගී වූහ. එහිදී ක්ෂේත්රයේ ප්‍රවීණයන් වන කාන්තා හා තරුණ සවිබල ගැන්වීම් පිළිබඳ ගෝලීය උපදේශක ආචාර්ය සුලෝචනා සිගේරා, ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය අයන්ති ගුරුසිංහ, මනෝවිද්‍යාඥ සහ සංවර්ධන පුහුණුකරු සමිතා ඇතුල්දොරආරච්චි සහ WiLAT හි අන්තර්කාලීන ගෝලීය සභාපතිනි ගයානි ද අල්විස් යන මහත්මීන්ගෙන් සැදුම්ලත් පැනල සාකච්ඡාවක් පැවැත්වුණි.

මීට අමතරව:
● ව්‍යවසායකත්ව සංවර්ධනය: ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එස්. ඩී. නිලංකා චාමින්දනී මහත්මිය විසින් විශේෂ දේශනයක් පවත්වන ලදී.
● සයිබර් ආරක්ෂාව: ව්‍යාපාරික සන්දර්භය තුළ සයිබර් අපරාධ සහ ඩිජිටල් ආරක්ෂාව පිළිබඳව කාන්තා පොලිස් පරීක්ෂක තේජානි වීරසේකර මහත්මිය විසින් කරුණු පැහැදිලි කරන ලදී.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පසුගිය මාර්තු මාසය පුරාවටම කොමර්ෂල් බැංකු ශාඛා මට්ටමින් ද ක්‍රියාත්මක කෙරිණි.
ව්‍යවසායකත්ව වැඩසටහන්වලට අමතරව, කොළඹ මහා නගර සභාවේ සනීපාරක්ෂක අංශයේ කාන්තාවන් 200 දෙනෙකු වෙනුවෙන් විශේෂ වෛද්‍ය කඳවුරක් ද බැංකුව විසින් සංවිධානය කර තිබුණි. එහිදී රුධිර පරීක්ෂණ, පියයුරු පිළිකා පරීක්ෂණ, ශරීර ස්කන්ධ දර්ශක (BMI) පරීක්ෂාවන් සහ වෛද්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කෙරිණි.

මාර්තු සහ අප්‍රේල් මාසයන් ඉලක්ක කර ගනිමින් ‘අනගි’ කාන්තා ඉතුරුම් ගිණුම් හිමියන් සඳහා විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ යටතේ තෝරාගත් ණය පහසුකම් සඳහා ලේඛන ගාස්තු අඩු කිරීම්, විශේෂ පොලී අනුපාත සහ දිවයින පුරා පිහිටි තෝරාගත් වෙළෙඳ ආයතනවලින් සුවිශේෂී වට්ටම් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart