April 11, 2026

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (10) බස් රථයකට යටවීමෙන් අවුරුදු 10ක පාසල් සිසුවියක් මිය ගොස් තිබේ.

මට්ටක්කුලිය පොලිස් වසමේ හැඳල තොටුපළ මාර්ගයේ දී බස් රථයකින් බැස මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කළ පාසල් සිසුවිය එම බස් රථයටම යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.

දැරිය බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය මිය ගොස් ඇති බව ප්‍රකාශ විය.

මියගිය දැරිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10ක පාසල් සිසුවියක් බව පොලිසිය පැවසීය.

අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.