
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් පරීක්ෂකවරයකුගේ මවක් කුෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.
එම කාන්තාව සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රවය ග්‍රෑම් 15 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මොරගහහේන කුඹුක ප්‍රදේශයේ කාන්තාවක් කුෂ් නමැති මත්ද්‍රවය රහසිගතව නිවසේ තබාගනිමින් අවට ප්‍රදේශවලට බෙදාහරින මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව, පොලිස් කණ්ඩායමක් සැකකාරිය පදිංචිව සිටින වැටළීමේදී, සැකකාරිය තම පුතා පොලිස් පරීක්ෂකවරයකු බව පවසා විරෝධය දක්වා ඇත.
එම විරෝධය නොතකා පොලිස් කාන්තාවක් සැකකාරිය පරික්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී මෙම මත්ද්‍රවය සොයාගත් බව පොලිසිය කියයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොළකරු ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මත්ද්‍රවය සඟවා තැබීම සඳහා ආරක්ෂිත නිවසක් ලෙස මෙම නිවස මෙන්ම සැකකාරිය තෝරාගෙන ඇත.
එයට හේතු වී ඇත්තේ ඇයගේ පුතා පොලිස් පරීක්ෂකවරයකු ලෙස රාජකාරී කරන බැවින් කිසිවෙකුට සැකයක් ඇති නොවේ යන හැඟීමෙනි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart