
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයට මිලිටරි අවි සපයන ඕනෑම රටක් විවින් එක්සත් ජනපදයට විකුණන සියලුම භාණ්ඩ සඳහා 50%ක තීරු බද්දකට යටත් වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
සමාජ මාධ්‍යවල පළ කරන ලද ප්‍රකාශයක ට්‍රම්ප් පැවසුවේ, ඉරානයට මිලිටරි අවි සපයන ඕනෑම රටක් එක්සත් ජනපදයට විකුණන ඕනෑම සහ සියලුම භාණ්ඩ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි 50%ක තීරු බද්දකට යටත් වන බවයි.
‘ඉතා ඵලදායී පාලන තන්ත්ර වෙනසක්’ ඇති කරගත් බවට ප්‍රකාශ කිරීමෙන් පසුව එක්සත් ජනපදය ඉරානය සමඟ සමීපව කටයුතු කරන බව ද ට්‍රම්ප් පැවසීය.
යුරේනියම් සංවර්ධන කටයුතු ඉදිරියට සිදු නොවනු ඇති බවත් එක්සත් ජනපදය ඉරානය සමඟ කටයුතු කරමින් ගැඹුරින් වළලනු ලැබූ න්‍යෂ්ටික දේ හාරා ඉවත් කරනු ඇති බවත් ඔහු පැවසීය.
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන එක්සත් ජනපද අභ්‍යවකාශ බලකායේ දැඩි චන්ද්‍රිකා නිරීක්ෂණය යටතේ පවතින බවත් තීරුබදු සහ සම්බාධක සහන පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් ට්‍රම්ප් තවදුරටත් පැවසීය.
“අපි ඉරානය සමඟ තීරුබදු සහ සම්බාධක සහන ගැන කතා කරනවා, ඉදිරියටත් කතා කරනවා. කරුණු 15න් බොහොමයක් දැනටමත් එකඟ වී තිබෙනවා,” ට්‍රම්ප් තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart