
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් සූදානම් වීම සඳහා අගෝස්තු 09 වන දින ජාතික සභාව (පහළ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය) විසුරුවා හරින බව පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සිය දේශපාලන හිතවතුන්ගේ රැස්වීමකදී ප්‍රකාශ කළ බව පාකිස්ථාන ජනමාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව, එතැන් සිට මැතිවරණය දක්වා රට පාලනය කිරීමට භාරකාර ආණ්ඩුවක් පත්කිරීමට නියමිතය.
විවිධ දේශපාලන පක්ෂවල ආධාරකරුවන් අතර මාස ගණනාවක ප්රචණ්ඩ ගැටුම් වලින් පසු, පකිස්ථානය එහි පළාත් කිහිපයක් වෙනුවෙන් මහ මැතිවරණය පැවැත්වීමට මෙලෙස සූදානම් වේ.
පසුගිය සතියේ එරට දේශපාලන රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 64 දෙනෙක් මියගියේය.
දැනට විපක්ෂ නායක ලෙස කටයුතු කරන එවක අගමැති ඉම්රාන් ඛාන් බලයෙන් පහකිරීමෙන් පසු, වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර තුනක් සම්පූර්ණ වීමට දින තුනක් තිබියදී මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart