
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ තෙල් බවුසර් හිමියකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී, එහි සඟවා තිබූ ඞීසල් සහ පෙට්‍රල් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලිසිය සමත්ව තිබේ.
මෙම පුද්ගලයා තමන්ගේ බවුසර් රථයෙන් තෙල් බූලිවලට පුරවන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායම එම නිවස වෙත යනවිටත් බවුසර් රථය නිවස අසල නවතා තිබී ඇත.
ඒ අනුව පොලිසිය සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඩීසල් ලීටර් 60ක්, පෙට්‍රල් ලීටර් 42ක්, භූමිතෙල් ලීටර් 40 ක් පිරවූ කෑන් අටක් ඒ තුළ තිබී සොයාගෙන ඇත.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තෙල් බෑම සඳහා යොදාගන්නා පොම්ප සහ උපකරණ ද සොයාගෙන තිබේ.
මොහු මීට පෙර ද මෙසේ තෙල් සොරකම් කොට ඇති බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා තමන්ට අයත් බවුසරයේ රියැදුරා ලෙස ද කටයුතු කරයි.
දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි අයෙක් මොහුගේ ගෝලයා ලෙස කටයුතු කළ ද ඔහු මේ පිළිබඳව කිසිවක් නොදැන සිටි බව හෙළිවී තිබේ.
සැකකරු ගෝලයා නිවසට ඇරලවා බවුසරය තම නිවසට ගෙනැවිත් තෙල් සොරකම සිදුකොට තිබේ.
සැකකරු සහ බවුසරය පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර උසාවි නියෝගයක් ලබාගෙන අදාළ තෙල් බවුසරය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart