
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකුවන දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයකු වන මිනීමැරුම් සිද්ධීන් කිහිපයකට අවශ්‍යව සිටි පරිප්පුවා තවත් සහචරයන් දෙදෙනෙකු සහ කාන්තාවක් සමග විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.
විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරට අනුයුක්ත විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටුවිල, කැලණිනදීගම කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
කිසියම් අපරාධයක් සිදු කිරීමට සුදානමින් තියුණු ආයුධ ළඟ තබා ගෙන සිටි 38 හැවිරිදි සැකකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාර දුන් බව විශේෂ කාර්ය බලකාය පැවසීය.
අත්අඩංගුවට ගන්නා ලද පරිප්පුවා නැමැති අනුවර්ථ නමින් හදුන්වන සැකකරු අත් බෝම්බ ළඟ තබා ගැනීමේ වරදට දෙවරක් සිර දඬුවම් ලබා ඇති අතර මිනී මැරුම් චෝදනා කිහිපයක සැකකරුවෙකු ද වේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සමග මරණ දඬුවම නියමව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන සහයකයෙක් වන පරිප්පුවා දිගු කලක් තිස්සේ පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart