April 6, 2026

ඉරානයේ පැරාමිලිටරි විප්ලවවාදී ආරක්ෂක බළකායේ බුද්ධි අංශ ප්‍රධානියා අද(6) එල්ල වූ ප්‍රහාරයකින් මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පැවසීය.

අදාළ ප්‍රහාරයෙන් මෙලෙස මියගොස් ඇත්තේ මේජර් ජෙනරාල් මජිඩ් කදීමිය.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඉරානයේ පැරාමිලිටරි විප්ලවවාදී ආරක්ෂක බළකාය එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට දොස් පැවරීය.

කෙසේවෙතත් කදීමි මියගිය ස්ථානය ඉරානය විස්තර කර නැත.

සඳුදා අලුයම ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් අවට නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබිණි.