April 3, 2026

නුවරඑළිය මහාධිකරණය විසින් දිග්ගැස්සුණු මිනීමැරුම් නඩු තුනක් සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනකුට මරණ දඬුවම නියමකර තිබේ.

මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය විසින් ඊයේ (02) දඬුවම් නියම කළ බව වාර්තා සඳහන් කරයි.

ඒ අනුව, 1998 දී නානුඔය පොලිස් කොට්ඨාශය තුළ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් 47 හැවිරිදි විත්තිකරුවකු වරදකරු කර මරණ දඬුවම නියමකර ඇත.

2009 දී ආරම්භ වූ තවත් නඩුවකදී, පට්ටිපොලදී තම මව, බිරිඳ සහ දරුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 55 හැවිරිදි පුද්ගලයකු වරදකරු කර මරණ දඬුවම නියමකර තිබේ.

මේ අතර, 1990 දී බොගවන්තලාවේදී තියුණු ආයුධයකින් පහර දී සිදුකරන ලද ඝාතනයක් සම්බන්ධයෙන් වයස අවුරුදු 64 සහ 62 හැවිරිදි පිරිමින් දෙදෙනකුට මරණ දඬුවම නියමකර ඇත.