
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෛද්‍ය ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් එල්ල වන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
වෛද්‍යවරුන් කිසිවෙකුගේ නියෝග යටතේ ක්‍රියා කිරීමට හෝ දේශපාලනික වශයෙන් සිදුකෙරෙන මාරුවීම් ලැයිස්තුවලට යටත්වීමට සූදානම් නැති බව GMOA සහකාර ලේකම් හංසමාල් වීරසූරිය පවසයි.
“වෛද්‍යවරුන් කාගේවත් අණට යටත්වෙන්නේ නැහැ. අපි කාටවත් ණය නැහැ. අපි බයත් නැහැ. අපි හැම වෙලාවේම ඔළුව කෙළින් තියාගෙන වැඩකරනවා.” ඔහු පැවසීය.
දේශපාලන අවශ්‍යතාවලට හිස නැමීමට හෝ දේශපාලන පක්ෂවලට ගැලපෙන පරිදි සකස් කරන ලද මාරුවීම් ලැයිස්තු පිළිගැනීමට වෛද්‍යවරුන් සූදානම් නැති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
“දේශපාලන අවශ්‍යතාවලට නැමීමට අපි සූදානම් නැහැ. පක්ෂ අවශ්‍යතා සඳහා සකස් කරන ලද මාරුවීම් ලැයිස්තු පිළිගැනීමට ද අපි සූදානම් නැහැ” වෛද්‍ය වීරසූරිය පැවසීය.
වෛද්‍යවරුන්ගේ ගැටළු සලකා බැලුවහොත් සෞඛ්‍ය සේවයට සහායදීමට වෛද්‍යවරුන් කැමැත්තෙන් සිටින බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
එහෙත් වෛද්‍යවරුන් යටත් නිලධාරීන් ලෙස සැලකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතල අභියෝග ඇති කළ හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
“අපගේ ගැටළු නොසලකා වෛද්‍යවරුන්ට යටත් නිලධාරීන් ලෙස සළකනවා නම්, ඔබට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලේසියෙන් කටයුතු කරන්න පුළුවන් ඇති කාලය සීමිත වෙයි” ඔහු තවදුරරත් අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart