
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඩ්හිදී ඇමරිකානු නිදහස් ජනමාධ්‍යවේදිනියක වන ෂෙලී කිල්සන් පැහැරගෙන ගොස් ඇත.
පැහැරගැනීම සිදුකර ඇත්තේ ඉරානයට සහාය දෙන හමුදා අතුරු කණ්ඩායමක් විසින් බව පැවැසේ.
ෂෙලී කිල්සන් අඟහරුවාදා සවස පැහැරගෙන ගොස් ඇති බව ඇය ලිපි සපයන ප්රවෘත්ති ආයතනයක් වන අල්-මොනිටර් ප්‍රකාශ කර තිබේ.
ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ආරක්ෂක හමුදා මේ වාර්තාකාරිනිය පැහැරගත් අය පසුපස හඹාගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පැහැරගත් අයගේ මෝටර් රථයක් පෙරළී ගොස් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත්ය.
ඉරාන හිතවාදී කටයිබ් හිස්බුල්ලා සමඟ සම්බන්ධකම් ඇති පුද්ගලයකු ඉරාක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමරිකානු ගෝලීය මහජන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩිලන් ජොන්සන්, කිල්සන්ගේ පැහැරගැනීම තහවුරු කර තිබේ.
මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පැවසුවේ ඊශ්‍රායලය සහ ඇමරිකාව සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට තම රටට කැමැත්ත ඇති නමුත් නැවත ගැටුම් ඇති නොවන බවට සහතිකයක් අවශ්‍ය බවයි.
“අත්‍යවශ්‍ය කොන්දේසි සපුරා ඇත්නම් – විශේෂයෙන් ආක්‍රමණ නැවත ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සහතික සපුරා ඇත්නම්, මෙම ගැටුම අවසන් කිරීමට අවශ්‍ය කැමැත්ත අප සතුව ඇත” යනුවෙන් පෙසෙෂ්කියන් යුරෝපීය කවුන්සිලයේ සභාපතිවරයා සමඟ දුරකථන සංවාදයකදී පැවසූ බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර තිබිණි.
බදාදා කටාර් මුහුදේදී තෙල් නෞකාවක් ප්‍රහාරයකට ලක්ව තිබේ.
කටාර් අගනුවර වන දෝහා වෙරළට ඔබ්බෙන් වූ ගල්ෆ් මුහුදේදී නෞකාවක් ප්‍රහාරයකට ලක්ව ඇති බව ඇති බව බීරතාන්ය සමුද්‍ර ආරක්ෂක ආයතනය නිවේදනය කර ඇත.
එහෙත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත. දෝහා සිට උතුරට නාවික සැතපුම් 17 ක් (කිලෝමීටර් 31) දුරින් ගමන් කරමින් තිබූ තෙල් නැවක් මෙසේ ඉරාන ප්‍රහාරයට ලක්ව තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart