April 2, 2026

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන අමල් රාජ් සහ සුනිල් සාන්ත නමැති පුද්ගලයන් දෙදෙනාට ලබාදීමට මත්කුඩු මිශ්‍ර සීනි සහ දුම්කොළ කලවම් කළ තේ කොළ රැගෙන ආ කාන්තාවන් දෙදෙනකු බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ පරීක්ෂාවේදී අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් සහ තහනම් ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා රත්ගම පොලිසියට භාරදීී ඇත.

මෙම සුනිල් සාන්ත නම් රැඳවියා වසර කිහිපයකට පෙර මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීම මත ව්‍යාජ ලෙස බන්ධනාගාර බස් රථයක් සකසා, බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙස්වලාගෙන පැමිණි පිරිසක් සමග පළාගිය පුද්ගලයාය.