
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දු – අමෙරිකානු සබඳතාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන බව ඉන්දියාවේ ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අඟහරුවාදා ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් අනතුරුවය.
“දින කිහිපයකට නැවත ඇමරිකාවට පැමිණියා. මගේ පළමු නැවතුම වුණේ ධවල මන්දිරයේදී අපගේ ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයා හමුවීමයි. ජනාධිපතිවරයා ඇමරිකාව සහ ඉන්දියාව අතර සබඳතාවය පිළිබඳව ඉතා ගැඹුරින් සලකා බලනවා,” යැයි ගෝර් X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ගෝර්, ජනාධිපති ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සමඟ ඕවල් කාර්යාලයේ සිටින ඡායාරූපයක් ද එහි පළ කර තිබුණි.
සර්ජියෝ ගෝර් ඉන්දියාවේ ඇමරිකානු තානාපති ධුරයට පත් වූයේ මේ වසරේ ජනවාරි මාසයේදීය.
මීට පෙර ඔහු ධවල මන්දිරයේ ජනාධිපති පිරිස් කාර්යාලයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේය.
එසේම, ගෝර් දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු විශේෂ නියෝජිතයා ලෙස ද කටයුතු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart