April 1, 2026

නේටෝ සහචරයන් දැඩි ලෙස විවේචනය කරමින් එක්සත් ජනපදය අත්ලාන්තික් සාගරයේ මිලිටරි සන්ධානයෙන් ඉවත් විය යුතුද යන්න සළකා බලමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශ කළේය.

“[එය] නැවත සළකා බැලීමෙන් ඔබ්බට ගිහින් කියලා මට කියන්න පුළුවන්,” මැද පෙරදිග ගැටුම අවසන් වූ පසු එක්සත් ජනපදය එම සන්ධානයේ සාමාජිකත්වය ගැන දෙවරක් සිතනවාදැයි ටෙලිග්‍රාෆ් පුවත්පත විමසූ විට ට්‍රම්ප් පැවසීය.

නේටෝ සහචරයන් එක්සත් ජනපදයට සම්බන්ධ වීමට සහ ඉරානයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයට ඒකාකාරව විරුද්ධ වීමෙන් ට්‍රම්ප් කෝපයට පත්වසිටී.

බෝම්බ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ටෙහෙරානය විසින් ඵලදායී ලෙස අවහිර කර ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට උදව් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලැබුණු ඉල්ලීම් නේටෝව ප්‍රතික්ෂේප කර ඇත.

“මම කවදාවත් නේටෝවට නැමුණේ නැහැ. ඔවුන් කඩදාසි කොටියකු බව මම සැමවිටම දැන සිටියා, ඒ වගේම පුටිනුත් ඒ බව දන්නවා,” ට්‍රම්ප් තවදුරටත් පැවසීය.

ඉරානයට එරෙහි යුද්ධය අවසන් වූ පසු වොෂින්ටනය නේටෝව සමඟ ඇති සම්බන්ධතාව නැවත සළකා බැලීමට අවශ්‍ය විය හැකි බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද පවසා තිබිණි.

එය ඇමරිකාව සහාය ලබා නොදෙන බවට චෝදනා කරන යුරෝපීය සහචරයන් මත පීඩනය තියුණු ලෙස වැඩි කරයි.

ඉරානය සමඟ යුද්ධයේදී ඇමරිකාවට සහාය දීම බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් නැවතත් බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්ට දෝෂාරෝපණය කළ අතර එක්සත් රාජධානියේ හමුදාව ද හෑල්ලුවට ලක් කළේය.