
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලාපයේ ක්‍රියාත්මක වන ප්‍රධාන එක්සත් ජනපද තාක්ෂණ සමාගම් ඉලක්ක කර ගන්නා බවට ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය තර්ජනය කර තිබේ.
ඒ අනුව එවැනි පහසුකම් අසල සිටින සේවකයන්ට සහ පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ඔවුන් අනතුරු අඟවා ඇත.
ඉරානයේ අර්ධ-නිල තස්නිම් ප්රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයක දැක්වුණේ, ඇමරිකානු තාක්ෂණ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ කෘත්‍රිම බුද්ධි සමාගම් ‘ත්‍රස්තවාදී ඉලක්ක’ බවත් එම සමාගම් සැලසුම් කිරීම සහ ලුහුබැඳීම සඳහා සම්බන්ධ වී ඇති බවත්, දැන් ඒවා නීත්‍යනුකූල ඉලක්ක ලෙස සළකන බවත් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා ඇති බවයි.
“ත්‍රස්තවාදී ඉලක්ක සැලසුම් කිරීමේ සහ ලුහුබැඳීමේ ප්‍රධාන අංගය ඇමරිකානු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ කෘත්‍රිම බුද්ධි සමාගම් වන බැවින්… මෙතැන් සිට, මෙම ප්‍රධාන ආයතන අපගේ නීත්‍යනුකූල ඉලක්ක වනු ඇත,” යනුවෙන් ප්‍රකාශයේ සඳහන් වේ.
බෝයිං, ටෙස්ලා, මෙටා, ගූගල් සහ ඇපල් ඇතුළු සමාගම් නම් කරමින් සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කළ හැකි බවට ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබේ.
ප්‍රකාශයට අනුව, ටෙහෙරානය ‘ඉලක්කගත ඝාතන’යකින් තවත් ඉරාන නායකයන් මිය ගියහොත් හෙට දේශීය වේලාවෙන් රාත්‍රී 8 සිට ප්‍රහාර ක්‍රියාත්මක කළ හැකිය.
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන ආතතීන් මධ්‍යයේ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර, අඛණ්ඩ ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ගැටුම වාණිජ හා තාක්ෂණික යටිතල පහසුකම් දක්වා ව්‍යාප්ත වීමේ හැකියාව පිළිබඳ කණස්සල්ලක් මතු වී තිබේ.
ප්‍රකාශයේ නම් කර ඇති සමාගම්වලින් ක්ෂණික ප්‍රතිචාරයක් ලැබී නොමැත.
ගෝලීය තාක්ෂණ සමාගම් ඉලක්ක කර ගැනීම සාම්ප්‍රදායික මිලිටරි හා බලශක්ති යටිතල පහසුකම්වලින් ඔබ්බට ගැටුම පුළුල් කරන බැවින්, තර්ජනය සැළකිව යුතු ලෙස ඉහළ යෑමක් සනිටුහන් කරන බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart