April 1, 2026

ප්‍රහාරයක් මැඩපැවැත්වීමේ දී කඩා වැටුණු සුන්බුන් හේතුවෙන් ඩුබායි හි ශ්‍රී ලාංකිකයකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

අදාළ සිද්ධියේ දී ශ්‍රී ලාංකිකයෙකුට, ඉන්දියානු ජාතිකයන් දෙදෙනෙකුට සහ බංග්ලාදේශ ජාතිකයෙකුට සුළු තුවාල සිදුවී ඇති බව බලධාරීන් තහවුරු කර ඇත.

අදාළ ප්‍රහාරය මැඩපැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස දකුණු ඩුබායි හි නේවාසික ප්‍රදේශයකට සුන්බුන් කඩා වැටීමක් සිදු වූ බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධියෙන් දේපළ හානි ද සිදුවී ඇත.

ඉහළම ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව මෙම සිද්ධිය හසුරුවන ලද බව ඩුබායි මාධ්‍ය කාර්යාලය පැවසීය.

ඩුබායි පදිංචිකරුවන්ට අද දිනයේ කිහිප වතාවක්ම විශාල ශබ්ද ඇසී තිබිණි.

පදිංචිකරුවන්ට ඇසුණු ශබ්ද අඛණ්ඩ හමුදා මෙහෙයුම්වල ප්‍රතිඵලයක් බව ඩුබායි මාධ්‍ය කාර්යාලය තහවුරු කළේය.

මිසයිල තර්ජනය පහව යන තෙක් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස බලධාරීන් ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර, ආරක්ෂක හමුදා ඉරානයෙන් එන ගුවන් තර්ජනවලට බාධා කර හානි සිදු කිරීම අඛණ්ඩව සිදුකර තිබිණි.

2026 පෙබරවාරි 28 වැනිදා ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට, පුද්ගලයන් 178 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මරණ 11ක් වාර්තා වී ඇත.