March 31, 2026

හැටන් නගරයේ ප්‍රධාන පාසලක ශිෂ්‍ය නායකයකුට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් භාරයට ගැනුණු ළමුන් තිදෙනා අධිකරණයට යොමුකිරීමෙන් අනතුරුව, ඔවුන් ලබන මස 6 වැනිදා තෙක් වෙිරලවත්ත ළමා සුරැකුම් මධ්‍යස්ථානයට බාරදෙන්නැයි හැටන් දිසා අධිකරණ විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් ඊයේ (30) නියෝග කළේය.

මීට සති තුනකට පමණ ප්‍රථම එම පාසලේ ආදි ශිෂ්‍යයකු සහ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු විසින් තවත් සිසුවකුට පහර දි ඇත.

එම පහරදීම සම්බන්ධයෙන් ළමුන් සිව්දෙනාගේ දෙමව්පියන් පාසල වෙත කැදවා එය සමථයකට පත්කිරිමට එම විදුහලේ විදුහල්පතිවරයා පියවර ගෙන තිබිණි.

පහරදීමට සම්බන්ධ වූ සිසුවකු විසින්, පහරදීම සිදුවන අවස්ථාවේ සිදුකළ වීඩියෝගත කිරීමක් පසුව ෆේස්බුක් ඔස්සේ පළකිරීමත් සමග පහරකෑමට ලක් වූ සිසුවාගේ මව විසින් පසුගිය 27 දින හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත එම සිසුන් තිදෙන හැටන් පොලිස් භාරයට ගෙන තිබිණි.