
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව කාලගුණික විපර්යාසයන්ට සෘජුව දායක වන එල්නිනෝ තත්ත්වය මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය කෙරෙහි සිදුකරන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.
ජනමාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැති හමුවකදී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර පැවසුවේ ජලය ප්‍රමාණවත් නොවීම මත යල කන්නයේ වී අස්වැන්නේ යම් අඩුවීමක් සිදුවිය හැකි බවයි.
කෙසේ වෙතත් රසායනික පොහොර නිසි කලට ලැබීම වැනි සෙසු සාධක යහපත් මට්ටමක පැවතීම හේතුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බරපතල බලපෑමක් සිදු නොවනු ඇතැයි යන්න ඔහුගේ විශ්වාසයයි.
වසරේ මෙම කාලය සාමන්‍යයෙන් වියළි බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා, ජලාශවල ජල මට්ටම් වැනි කරුණු සැළකිල්ලට ගැනීමේදී, පවතින තත්ත්වය 2017 පැවති දැඩි වියළි කාලගුණ තත්ත්වය තරම් බරපතල නොවන බවද පැවසීය.
මේ වසරේ දළ දේශිය නිෂ්පාදිතය අපේක්ෂිත මට්ටමේ වර්ධනයක් අත්කර ගනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් එය ධණ අගයකට ළඟා නොවනු ඇති බව ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වේ.
පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය සෘණ 11 තරම් පහළ අගයක පැවතීම ඊට හේතුවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart