March 31, 2026

1999 වසරේ ජනාධිපතිවරණය සමයේ සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවක් පිළිබඳව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍රයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අද ඉවත දැමීමට තීන්දු කළේය.

අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේය.