
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය සහ ඩෙල්ෆ්ට් දූපත අතර මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ ‘නෙඩුන්තාරකී’ මගී බෝට්ටුව නාවික හමුදාව විසින් අලුත්වැඩියා කිරීමෙන් පසු ඊයේ (29) සිට මගී ප්‍රවාහනය සඳහා නැවත යොදවා ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම මගී ප්‍රවාහන නෞකාව අබලන් තත්ත්වයේ පැවතිණි.
කිසිදු ආයතනයකට එහි අලුත්වැඩියාවන් සඳහා අරමුදල් වෙන් කිරීමට නොහැකි වූ අවස්ථාවක, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මැදිහත් වී නාවික හමුදා අරමුදල් සහ ශ්‍රමය යොදා ගනිමින් යාත්‍රාව අලුත්වැඩියා කර ඇත.
වසර එකහමාරක අලුත්වැඩියාවකින් පසු, ‘නෙඩුන්තාරකී’ මගී බෝට්ටුව යාපනය සහ ඩෙල්ෆ්ට් දූපත අතර නැවත මෙහෙයුම් ආරම්භ කර ඇත.
බෝට්ටු ගාස්තුව ආසන්න වශයෙන් රු. 150 කි.
යාත්‍රාව සේවයෙන් ඉවත් කළ කාලය තුළ, මහජනතාව ප්‍රවාහනය සඳහා පෞද්ගලික බෝට්ටු යොදාගත් අතර, ඒ සඳහා ගාස්තුව රු. 500 ඉක්මවීය.
‘නෙඩුන්තාරකී’යනු ඉතා ආරක්ෂිත මගී නෞකාවක් වන අතර එය ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් පහසුකම් සපයමින් විශිෂ්ට හා ආකර්ෂණීය තත්ත්වයකින් ද නඩත්තු කෙරේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, දිනපතා යාපනයේ සිට ඩෙල්ෆ්ට් දූපතට රැකියා සඳහා යන විශාල පිරිසක් තම ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම යාත්‍රාව භාවිත කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart