March 30, 2026

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් විසින් පැදවූ වාහනයක් හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරකට ලක්ව තිබේ.

අනතුරින් වාහනයට සහ බිත්තියට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බව වාර්තා වේ.

ඊයේ (29) රාත්‍රී 11:45 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර, එම අවස්ථාවේ මන්ත්‍රීවරයා පමණක් වාහනයේ ගමන් කර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.