
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හැටන් ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් විසින් තවත් සිසුවෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය මගින් සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙය මීට දින 21කට පෙර, එනම් මාර්තු මස මුලදී සිදු වූවක් බවයි.
පොලිස් වාර්තාවලට අනුව, මෙම පහරදීමට මුල් වී ඇත්තේ පාසල් විනය සම්බන්ධ කරුණකි.
පහරකෑමට ලක් වූ සිසුවා විසින් තවත් සිසුවකු දුම්පානය කරන බවට පන්ති භාර ගුරුතුමියට දැනුම්දීම මෙයට ආසන්නතම හේතුව වී ඇත.
එම වෛරය පිරිමසා ගැනීම සඳහා තවත් සිසුන් දෙදෙනෙකු එක්ව මෙම පහරදීම සිදුකර ඇති බව තහවුරු වී තිබේ.
අදාළ පහරදීම සම්බන්ධයෙන් මීට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් නොවීමට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ, පාසල් මට්ටමින් විදුහල්පතිවරයා මැදිහත් වී දෙපාර්ශවයටම අවවාද කර ප්රශ්නය සමථයකට පත් කිරීමට උත්සාහ කර තිබීමයි.
කෙසේවෙතත්, මෙම සිදුවීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් පහරකෑමට ලක් වූ සිසුවා සහ ඔහුගේ මව ඊයේ (28) දින පොලිසියට පැමිණිලි කර ඇත.
* පහරකෑමට ලක් වූ සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබේ.
* පහරදීමට සම්බන්ධ වූ සහ එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහළ සිසුන් තිදෙනාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16ක් වන හැටන් සහ දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හැටන් පොලිස්ථානය මගින් ක්‍රියාත්මක කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart