
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පූර්ණ සහාය ලබා දීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ බහුතරයක් තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය සහ සර්වජන බලය එම යෝජනාවට සහාය දෙන විපක්ෂයේ දේශපාලන පක්ෂ වේ.
මෙම විශ්වාසභංග යෝජනා විවාදය ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය. යෝජනාව එදින දවස පුරා විවාදයට ගැනීමෙන් අනතුරුව සවස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වේ.
මීට වසර ගණනකට පෙර එල්ලවූ මූල්‍ය අක්‍රමිකතා චෝදනාව සහ ප්‍රමිතියෙන් අඩු ගල්අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව විශ්වාසභංගයේ ප්‍රධාන කරුණු වේ.
ඉහත චෝදනා එල්ල වී ඇති අයකු රටේ වගකිවයුතු අමාත්‍ය ධුරයක් දැරීම නුසුදුසු බව යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වේ.(ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart