
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙරට අතර එකඟ වූ බලශක්ති අංශ ව්‍යාපෘති, විශේෂයෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ව්‍යාපාරයේ කටයුතු කඩිනම් කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ පැවති දුරකථන සංවාදයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති අනුර දිසානායක ඉන්දියාවේ IOCL සමාගම වෙතින් හදිසි ඉන්ධන සැපයුම් ඉල්ලා අගමැති මෝදි ඇමතූ විට මෙම ඉල්ලීම ඉදිරිපත්ව ඇතැයි වාර්තා සඳහන් කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීමෙන් පසු ඉන්ධන සැපයුම්වල ඇති වූ බාධා හේතුවෙන් IOCL සමාගම විසින් ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිදහස් කිරීම සඳහා රජය ඉන්දීය රජයේ මැදිහත්වීමක් ඉල්ලා තිබිණි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය අන්‍යෝන්‍ය වශයෙන් දෙරටටම ප්‍රයෝජනවත් වන අතර, එමගින් ශ්‍රී ලංකාවේ බලශක්ති ආරක්ෂාව සහතික කරන අතරම රටේ ගබඩා ධාරිතාව වැඩිකරන බව අගමැති මෝදි ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පෙන්වාදී ඇතැයි පැවැසේ.
ඉන්දියාවේ IOCL සමාගම සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව අතර 2023 වසරේදී ආරම්භ කරන ලද ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් (පෞද්ගලික) සීමිත ගිවිසුම යටතේ, ටැංකි 61ක් සංවර්ධනය කිරීමට නියමිත අතර, පළමු අදියරේදී නවයක වැඩ කඩිනමින් අවසන් කිරීම ඊට ඇතුළත් වේ.
කෙසේවෙතත්, ගිවිසුම බලාත්මක වුවද, ව්‍යාපෘතියේ වැඩ ඇනහිට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart