
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය සංවිධාන පහකට පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විවේචනය කළද, රජය එම තීරණය යළි සලකා බැලීමට සූදානම් නැති බව වාර්තා වේ.
එක්සත් තව්හීත් ජමාත් (UTJ), ලංකා තවුහීත් ජමාත් (CTJ), ශ්‍රී ලංකා තව්හීත් ජමාත් (SLTJ), සමස්ත ලංකා තව්හීත් ජමාත් (ACTJ) සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් මහමදියා (JSM) යන සංවිධානවලට පනවා තිබූ තහනම ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කරන ලදී.
කෙසේ වෙතත්, මෙම තීරණයට කතෝලික සභාව ඇතුළු පාර්ශව කිහිපයක් සහ රජයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධය එල්ල කර තිබේ.
මෙවැනි විවේචන හමුවේ එම සංවිධාන පහට පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණය යළි සළකා බලන්නේ දැයි යන්න පිළිබඳව ජනමාධ්‍ය විසින් කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින්, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් පවසන්නේ, ඒ සම්බන්ධයෙන් යළි සළකා බැලීමේ සූදානමක් නොමැති බවයි.
“ඔත්තු සේවා සහ අනෙකුත් පාර්ශවකරුවන් එකතු වෙලා මේ තීරණය ගත්තා. යම් විවේචනයක් තිබෙන බව අපට වැටහෙනවා. නමුත්, මෙය දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කරමින් සිදු කළ දෙයක්. ඊට දේශපාලනඥයන් සම්බන්ධ වුණේ නැහැ. අපි තේරුම් ගත යුතුයි. මම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියා මේකට සම්බන්ධ වෙන්න එපා කියලා. මේ කරුණු අනුව අපි මේ මොහොතේ එම තීරණය ගැන නැවත සළකා බලන්නේ නැහැ.” යැයි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart