
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින නියඟ තත්ත්වය ජල විදුලි නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල කර නොමැති බවත්, එබැවින් කඩිනමින් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.
අම්පාර, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුරය, කුරුණෑගල ආදී ප්‍රදේශ කිහිපයකට මේ වනවිට දැඩි වියළි කාලගුණයක් පවතී.
පවතින නියඟ තත්ත්වය හේතුවෙන් ජලවිදුලි නිෂ්පාදනයට එල්ල වී ඇති බලපෑම සම්බන්ධයෙන් අදහස් පලකරන ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් පවසන්නේ, දැනට බරපතල බලපෑමක් සිදුවී නොමැති බවත්, සැලසුම් කළ පරිදි විදුලි උත්පාදන කටයුතු සිදුකෙරෙන බවත්ය.
කෙසේ වෙතත්, නියං සමය දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති බැවින්, මෙම තත්ත්වය විශ්ලේෂණය කර ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ගැටලුවක් විසඳීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන බව ඔහු පවසයි.
ඉදිරියේදී විදුලිය විසන්ධි වීමට ඇති හැකියාව පිළිබඳව විමසූ විට ඔහු සඳහන් කර ඇත්තේ, “නැහැ, එහෙම අවශ්‍යතාවක් නැහැ” යනුවෙනි.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart