
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ නවතම ගුවන් සේවය වන ‘ආකාස එයාර්'(Akasa Air) සිය ගුවන් යානා සමූහයට 20 වැනි ගුවන් යානය එක් කර ඇති අතර, එය අන්තර්ජාතිකව පියාසර කිරීමට සුදුසුකම් ලබා ඇත.
අගෝස්තු 07 වැනි දිනට වසරක මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කරන මෙම ගුවන් සේවය, බෝයිං 737-8-200 ගුවන් යානා ඇති ආසියාවේ ප්‍රථම ගුවන් සමාගම බවට ද පත්ව සිටී.
ඉන්දියානු රෙගුලාසිවලට අනුව අන්තර්ජාතික මෙහෙයුම් සඳහා සුදුසුකම් ලැබීමට ගුවන් සමාගම්වලට අවම වශයෙන් ගුවන් යානා 20ක් තම ඇණිය තුළ තිබිය යුතුය.
“මාස 12ක් ඇතුළත ගුවන් යානා බිංදුවේ සිට 20 දක්වා පැමිණීම ආකාස තැබූ වාර්තාවක් පමණක් නොව රටේ හැකියාව ලොවට පෙන්වන වාර්තාවක්” යැයි ආකාස එයාර් හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විනේ ඩුබ් පවසා ඇත.
ආකාස එයාර් ඉදිරියේදී පියාසර කිරීමට කිරීමට නියමිත ගමනාන්ත අතරට මැද පෙරදිග, නැගෙනහිර අප්‍රිකාව, අග්නිදිග ආසියාව, නේපාලය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඇතුළත් වන බව ඩුබ් මීට පෙර සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.
දැනට, ආකාස එයාර් ඉන්දියානු නගර 16ක් පුරා සතිපතා ගුවන් ගමන් 900කට වඩා ක්‍රියාත්මක කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart