
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ පොලිස් කොස්තාපල් ලොකුවැල්ලමුරගේ ලක්ෂ්මන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණයේ විශේෂ ජූරි සභාව ලබාදුන් තීන්දුව අභියාචනාධිකරණය විසින් අද දින අවලංගු කරන ලදී.
මෙම නඩුවට අදාළව අලුතින් නඩු විභාගයක් (Retrial) පවත්වන ලෙසද අභියාචනාධිකරණය නියෝග කළේය.
බී. සසි මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
2016 වසරේදී කොළඹ මහාධිකරණය මගින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණයට එළැඹිණි.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන තර්කය වූයේ, නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වූ ප්‍රීති විරාජ් (PW1) නමැති අපරාධ සහායකයාගේ (Accomplice) සාක්ෂිය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා ජූරි සභාව නිසි ලෙස මෙහෙයවා නොමැති බවයි.
මෙම නඩුවේ ප්‍රීතිවිරාජ් යන නමින් හදුන්වා ඇත්තේ මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ- මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන සම්පත් මනම්පේරි වේ.
අපරාධ සහායකයකුගේ සාක්ෂියක් ස්වාධීන සාක්ෂි මගින් තහවුරු නොවන්නේ නම්, එය විශ්වාස කිරීමේදී ඇති වන අවදානම පිළිබඳව ජූරි සභාවට නිසි උපදෙස් ලබාදීමට මහාධිකරණ විනිසුරුවරයා අපොහොසත් වී ඇති බව ප්‍රකාශ විය.
සාක්ෂි ආඥාපනතේ 133 සහ 114(ආ) වගන්ති ප්‍රකාරව සහායකයෙකුගේ සාක්ෂියක විශ්වසනීයත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බව අධිකරණය පෙන්වාදුන්නේය.
නඩු විභාගය අවසානයේ ජූරි සභාවට උපදෙස් දීම රාත්‍රී 8:50 ට ආරම්භ කර ඇති අතර, ජූරි සභාව සිය තීන්දුව ලබා දී ඇත්තේ අලුයම 12:50 ට ය.
මෙය අතිශය අසාමාන්‍ය තත්ත්වයක් බව අභියාචනාධිකරණය නිරීක්ෂණය කළේය.
2006 නොවැම්බර් 10 වන දින නාරාහේන්පිටදී නඩරාජා රවිරාජ් වෙඩිතබා ඝාතනය කරන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි. ප්‍රධාන සාක්ෂිකරු ප්‍රකාශ කළේ, දෙවැනි විත්තිකරු විසින් ටී-56 ගිනි අවියකින් රවිරාජ් ගමන් කළ රතු පැහැති ජීප් රථයට වෙඩිතැබූ බවයි.
පවතින සාක්ෂි අනුව විත්තිකරුවන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් කරුණු ඇති බව නිගමනය කළ අභියාචනාධිකරණය, මහාධිකරණයේ නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය පසෙක තැබීය.
ඒ අනුව, විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ අලුතින් නඩු විභාගයක් ආරම්භ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත.
(whatnews.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart