March 26, 2026

පාකි­ස්තාන සුපර් ලීග් (PSL) තර­ගා­ව­ලිය අද ආරම්භ වන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­යන් තිදෙ­නෙක් මෙවර තර­ගා­ව­ලි­යට එක්ව සිටිති.

ඒ අනුව කුසල් මෙන්ඩිස් පෙෂා­වර් සල්මි කණ්ඩා­ය­මට, කුසල් පෙරේරා හයි­ද්‍රා­බාද් කිංග්ස්මන් කණ්ඩා­ය­මට හා දුනිත් වෙල්ලා­ලගේ ලාහෝර් කල­න්ඩර්ස් කණ්ඩා­ය­මට ක්‍රීඩාකරති.

තර­ගා­ව­ලිය මැයි 3 වැනිදා දක්වා පැවැ­ත්වෙන අතර කණ්ඩා­යම් අටක් තරග 44කට එක්වී­මට නිය­මි­තය.

ආර­ම්භක තර­ග­යේදී වත්මන් ශූර ෂහින් ෂා අෆ්රිඩි නාය­ක­ත්වය දරන ලාහෝර් කල­න්ඩර්ස් කණ්ඩා­යම සහ ඔස්ට්‍රේ­ලි­යාවේ මාර්නස් ලැබු­ස්චේන් නාය­ක­ත්වය දරන හයි­ද්‍රා­බාද් කිංග්ස්මන් ගඩාෆි ක්‍රීඩාං­ග­ණ­යේදී අද තරග වදිනු ඇත.

සිම්බාබ්වේ තුන් ඉරි­යව් ක්‍රීඩක සික­න්දර් රාසා, ඔස්ට්‍රේ­ලි­යානු පිති­කරු මාර්නස් ලැබු­ස්චේන්, වේගපන්දු යවන ක්‍රීඩක රිලී මෙර­ඩිත්, නව­සී­ලන්ත ක්‍රීඩ­ක­යන් වන ඩෙවොන් කොන්වේ, රචින් රවින්ද්‍රා සහ මාර්ක් චැප්මන් ලාහෝර් වෙත පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

මුස්තා­ෆි­සුර් රහ්මාන්, නහීඩ් රානා සහ පර්වේස් හුසේන් ඇතුළු බංග්ලා­දේශ ක්‍රීඩ­ක­යෝද මෙවර තරගාවලියට එක්ව සිටිති.

තෙල් මිල ඉහළ යෑම හේතු­වෙන් මෙවර තර­ගා­ව­ලිය ප්‍රේක්ෂ­ක­යන් නොමැති හිස් ක්‍රීඩාං­ග­ණ­වල පැවැ­ත්වී­මට සිදුවනු ඇති අතර, ලාහෝර්හි පැව­ත්වී­මට නිය­මිත වූ සමා­ර­ම්භක උත්ස­වයද අව­ලංගු කොට ඇත.

කළින් නගර හය­කදී තරග පැවැ­ත්වී­මට නිය­මි­තව තිබු­ණද, වත්මන් අර්බුද හමුවේ සත්කා­ර­ක­ත්වය ලාහෝර් සහ කරච්චි නග­ර­ව­ලට සීමාකොට තිබේ.(දිනමිණ)