
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙනත් පුද්ගලයෙකුට අයත් වාහනයක QR කේතයක් භාවිත කරමින් ඉන්ධන ලබාගත් බවට චෝදනා එල්ල වන සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනවලට අනුව, සැකකරු කාන්තාවකට අයත් මෝටර් රථයක දත්ත භාවිත කරමින් නව QR කේතයක් නිර්මාණය කර වංචනික ලෙස ඉන්ධන ලබාගෙන ඇත.
‘1919’ ක්ෂණික ඇමතුම් අංකය හරහා ලැබුණු තොරතුරු මත පදනම්ව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කර තිබේ.
පසුව, CID යටතේ ඇති පරිගණක අපරාධ විමර්ශන අංශයේ (CCID) සයිබර් අපරාධ නිරීක්ෂණ ඒකකය විමර්ශනය සිදුකර ඇති අතර, එමඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.
සැකකරු විසින් නිර්මාණය කරන ලද නීති විරෝධී QR කේතය භාවිත කරමින් ඉන්ධන නිකුත් කිරීමට පහසුකම් සැලසූ පුද්ගලයන් පිළිබඳවද පරීක්ෂණ දිගටම කරගෙන යන බව වාර්තා වේ.
නීතිවිරෝධී ලෙස ඉන්ධන ලබාගැනීම සඳහා QR කේත සකස්කරන පුද්ගලයන් සම්බන්ධ මේ හා සමාන තවත් සිදුවීම් පිළිබඳවද විශේෂ විමර්ශන පවත්වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart