March 23, 2026

පරමාණුක බලයෙන් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍යයේ සබ්මැරීනයක් අරාබි මුහුදට යාත්‍රා කර ඇති බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අම‍ෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සිය හමුදා ක්‍රියාමාර්ග උත්සන්න කිරීමට සූදානම් වන පසුබිමකය.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, එම සබ්මැරීනය මාර්තු 6 වැනි දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරින් පිටත්ව ඇති අතර, එය හෝමුස් සමුද්‍ර සන්ධියට නුදුරින් පිහිටි උතුරු අරාබි මුහුදේ ස්ථානගත කිරීමට සූදානමින් සිටින බවයි.