
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාට තවත් වෙසක් පොහොය දින 30කට වඩා ‘පන්සල් යෑමට’ නොහැකි බව ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.
එම නිසා වෛරී සහගත ජිවන රටාවක් අනුගමය කිරීම සිය ප්‍රතිපත්තිය නොවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට (03) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන, ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරන ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා වූ වැඩසටහනක් අමතමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
තමන්ටද තවත් ‘පොහොය කීයක්’ ජිවත් විය හැකිදැයි සිතා බලන ලෙස ඇමැතිවරයා එහිදී වැඩසටහනට සහභාගී වූ පිරිසගෙන් ඉල්ලා සිටියේය.
ජනමාධ්‍ය හැසිරවීමේදී ජනමාධ්‍යවේදීන්ද එවැනි භාවිතයක් අනුගමනය කරනු ඇතැයිද ඇමැතිවරයා අපේක්ෂාවන් පළකළේය.
රුපියල් 2500කින් මාසයක් ජීවත්වීමට හැකියාවක් පවතින බවට තමා කළ ප්‍රකාශය ජනමාධ්‍යය විසින් වැරදි ලෙස අර්ථකථනය කළ බවද ඇමැතිවරයා එහිදී සිහිපත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart